එක් රැයකදී හමුදාවේ 3000ක් ඝාතනය කළ බවට කරුණාඅම්මාන් කළ හිරිවැටෙන ප්‍රකාශය ගැන විමර්ශනයක්
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳ ඔහු විසින් මෑතකදී සිදුකල ප්‍රකාශ...
https://sadisaalk.blogspot.com/2020/06/Karuna-admits-to-killing-hundreds-of-Army-soldiers-during-war.html
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳ ඔහු විසින් මෑතකදී සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවයි.
අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් කියා සිටියේ තමන් එල් ටී ටී ඊ සංවිධානයේ සිටියදී අලිමංකඩදී එක් රැයක් තුල හමුදා සාමාජිකයින් 2000ත් 3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.