මී ගවයන් 49ක් ලොරි තුනක | ගැහැණු සතුන් 48ක් [PHOTOs]

හිංසාකාරි ලෙස මී ගවයින් හතලිස් නවයක් ලොරි රථ තුනකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය මොනරාගල...


හිංසාකාරි ලෙස මී ගවයින් හතලිස් නවයක් ලොරි රථ තුනකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ පැල්වත්ත මංසන්ධිය ප්‍රදේශයේ දී.

බුත්තල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පො.ප. ගුණසේකර මහතාට ලද තොරතුරක් අනුව මෙහෙයුම සිදු කර ඇත්තේ.

මී ගවයින් අතර ගැහැණු සතුන් හතලිස් අටක් වූ බවයි බුත්තල පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් තණමල්විල ප්‍රදේශයේ සිට අක්කරෙයිපත්‍තු ප්‍රදේශය බලා  ගවයින් ප්‍රවාහනය කර ඇත්තේ මස් පිණිස අලෙවි කිරීමටයි.

ලොරි රථ තුල ඉතා හිංසාකාරි ලෙස ගවයින් ප්‍රවාහනය කර ඇති අතර එහිදී ගවයින් කිහිප දෙනෙකුගේ පාද කැඩී ගොස් ඇති අතර විවිධ ආබාධ ද  හටගෙන තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30,45 සහ 52 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් අද (19) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(ජයන්ත වීරසේකර - වැල්ලවාය) 




















Related

Top 6787584308135189779

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item