බූස්සෙන් තවත් 14ක් පිටව යයි

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 ජුනි ...



බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 ජුනි 01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගියා.


සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 218ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 99 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related

Top 1338458723150185324
item