ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා කොළඹ ට එයි (PHOTOs)

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා ...


ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 ජුනි 01) උදෑසන කොළඹ වරායට ‍සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික හමුදාව සහාය ලබා දෙනවා.

COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුකොටගෙන ලොව සියළුම රටවල් ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීම හේතුවෙන් සිය මව් රට බලා යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් ඉන්දියාව බලා රැගෙනයාමට මෙම නෞකාව අද (2020 ජුනි 01) කොළඹ වරායට සේන්දු වූවා.

රටතුල පවතින තත්වය මත එම නෞකාවෙහි කිසිදු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා නොගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට සිටි ඉන්දියානු ජාතිකයින් සියළු දෙනාම අදාල නෞකාව වෙත ගොඩනැංවීමට ප්‍රථම ඔවුන් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටද නාවික හමුදාව මෙහිදී කටයුතු කළා.

 නෞකාව අද (2020 ජුනි 01) දිනයේදීම ඉන්දියානු ජාතිකයින් පිරිස රැගෙන කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතයි.





Related

Local 2538513135709901280

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item