බෝර 12 අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව...


සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලිසිය එක්වයි වැටලීම සිදු කර ඇත්තේ.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් 2020 මැයි මස 31 වන දින සිලාවතුර පොලිසිය හා එක්ව  සිලාවතුර මරිච්චුකට්ටි ප්‍රදේශයේ  සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිණි අවියක් සොයා ගතතා.

අත්අඩංගුවට ගත්  කාන්තාව වයස අවුරුදු 34ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.

ඉදිරි විමර්ශන කටයුතු සිලාවතුර පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.

Related

Local 6093996354491538047
item