සංචාරක සේවා වැට් බද්දෙන් නිදහස් කෙරෙයි

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා. එ...


සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
එය පසුගිය අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක බවයි ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සළකා බැලීමෙන් පසු, අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ට අනුමැතිය හිමි වූ බවයි.
සංචාරකයන් රැගෙන ඒම සඳහා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම සංචාරක නියෝජිතයන් 1000කට ආසන්න සංඛ්‍යාවක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටී.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම සඳහා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන තිබෙනවා.
ඒ අනුවයි සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ට පියවර ගෙන ඇත්තේ.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළා.
සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,702ක් වන අතර ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724ක්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ඉලක්කයක් සපුරා ගැනීම සදහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය අගහරුවාදා (26) පැවති සාකච්ඡාවේදී ද කොවිඩ් 19 වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related

Top 9034826085881736509

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item