COVID-19 හඳුනා ගැනීමේ මෙරට PCR පරීක්ෂණ 50,000ත් පසු කරයි
2020 ජනවාරි මස පළමු රෝගියා වර්තා වූ දින සිට අද දින වන විට PCR පරීක්ෂණ 50,000 ඉක්මවා සිදු කිරීමට හැකි වූ බවත්, වැඩිම පරික්ෂණ සංඛ්‍යාව බො...
https://sadisaalk.blogspot.com/2020/05/covid-19-pcr-50000.html
2020 ජනවාරි මස පළමු රෝගියා වර්තා වූ දින සිට අද දින වන විට PCR පරීක්ෂණ 50,000 ඉක්මවා සිදු කිරීමට හැකි වූ බවත්, වැඩිම පරික්ෂණ සංඛ්‍යාව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයෙන් සිදු කොට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.
මේ පිළිබඳ අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය....
“.... 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී චීනයේ වූහාන් නගරයේ COVID-19 රෝගීන් වාර්තා වන විටම සෞඛ්‍ය අමාත්‍යාංශය PCR පරීක්ෂණ සිදු කිරීමට සැළසුම් කළා.
2020 ජනවාරි වන විට එම පරීක්ෂණ සිදු කිරීමට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සුදානම් කළා.
රජය COVID-19 වෛරසය පාලනය සදහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවමින් රට ඒ සදහා මුහුණ දීමට කටයුතු සුදානම් කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමණාකරණය යටතේ පියවරෙන් පියවර රටේ රෝහල් 15 ක PCR පරීක්ෂණ සිදු කිරීම සදහා අවශ්‍ය කටයුතු සැළසුම් කරනු ලැබුවා.
වෛද්‍ය පීඨ වල සහ පෞද්ගලික අංශයේ ද සහයෝගය ලබාගැනීමට ද අප සැළසුම් කළා.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පරීක්ෂණ තුලින් 2020 ජනවාරි මාසයේ දී පළමු රෝගියා වූ චීන ජාතික කාන්තාව හදුනා ගැනීමට හැකි වුනා.
පෙබරවාරි මාසය වන වට කරාපිටිය, මහනුවර රාගම හා අනුරාධපුරය ශික්ෂණ රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරීම සදහා පහසුකම් ලබාදීමට අප කටයුතු කළා.
ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨය ද ඒ සදහා සුදානම් කළා.
ඒ අනුව රට තුල PCR පරීක්ෂණාගාර 06 මාර්තු මස අවසන් වන විට ස්ථාපිත කිරිමට හැකි වුණා. අප්‍රේල් මාසය අවසන් වන විට PCR පරීක්ෂණාගාර 16 දක්වා ඉහළ දැමීමට හැකි වු අතර, මේ වන විට පරීක්ෂණාගාර 19 ක PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව පවතිනවා.
එයට පෞද්ගලික රෝහල් 04 ක් සහ වෛද්‍ය පීඨ 03 ක් ද අයත් වෙනවා.
අද වන විට රට තුල PCR පරීක්ෂණ 50,000 ඉක්මවා ඇති අතර, වැඩිම පරීක්ෂණ සංඛ්‍යාව වන පරීක්ෂණ 16,059 සිදු කර ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වනවා. පිළිවෙලින් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨය 6096 ක්, අනුරාධපුර ශික්ෂණ රෝහල 5798 ක්, කරාපිටිය ශික්ෂණ රෝහල 4765 ක්, මහනුවර ජාතික රෝහල 3640 ක් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
මේ වන විට දිනකට පරීක්ෂණ 3000 පමණ සිදු කිරීමට හැකියාවක් තිබෙනවා.
ඉදිරියේ දී අවශ්‍යතාවය පරිදි දිනකට පරීක්ෂණ 6000 කිරීමට හැකිවන පරිදි සේවාවන් පුළුල් කිරීමට නියමිතයි ....”
“ ... මෙම සියළු කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම්තුමාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ මුලිකත්වයෙන් සිදු කිරීමට හැකියාව ලැබුනා. මේ සදහා කැප වූ සියලු කාර්ය මණ්ඩල වලට ද මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුද කරන්න කැමැතියි......”