මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් කොරෝනා පාලනයට සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ තොගයක්

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල   ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රුපියල් ලක්‍ෂ 3  ½  ක (ර...


නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රුපියල් ලක්‍ෂ 3 ½ ක (රු.350000.00) පමණ වටිනාකමින් යුත් සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.
මියන් මාර්යේ සිට ශ්‍රී ලංකික පිරිසක් රැගෙන පැමිණි Myanmar Airways International ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයක් මගින්  මෙම සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගය මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම සිදු කරන ලද අතර, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිදු කරන ලද ඉල්ලීමක් මත මෙම සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගය Myanmar Airways International ගුවන් සමාගම විසින් නොමිලේ මියන්මාරයේ සිට ශ්‍රීලංකාව දක්වා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇත. රුපියල් ලක්‍ෂ 3 ½ ක (රු.350000.00) පමණ වටිනාකමින් යුත් මෙම සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයට සෞඛාරක්‍ෂිත ඇදුම් කට්ටල 25ක් ශල්‍ය මුහුණු ආවරණ 6000ක ප්‍රමාණයක් සහ ආරක්‍ෂිත මුහුණු ආවරණ 1500ක ප්‍රමාණයක් ඇතුලත්වේ.  

Related

Top 3554275702236394740

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item