LPL - නොවැම්බරයේදී කරළියට - කණ්ඩායම් 5ක්, දින 15ක් - තරග 23ක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බරයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරගාවලිය නොවැම්බර් ම...


ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බරයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

කණ්ඩායම් 5ක්, දින 15ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට ද එළැඹ ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳ සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ලබයි.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් පහේ සියළු තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය හරහා දේශීය තරග පිටියේ ක්‍රීඩකයින්ට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සමඟ කරට කර ක්‍රීඩා කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරන අතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින්ටද ගුණාත්මක ක්‍රිකට් තරගාවලියක් නැරඹීමේ අවස්ථාව සැලසෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Galle Gladiators කණ්ඩායම අද එළිදක්වීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

පාකිස්තානයේ දී එම කණ්ඩායම එළිදක්වනු ඇති.

එහි හිමිකාරීත්වය පාකිස්තාන සමාගමක් විසින් දරන බව සඳහන්.

Related

Sports 3490230472638240716
item