රුහුණේ ශිල්පයෙන් නිමැවුණු පුරාණ ප්‍රතිමා තුනක් කුමනෙන් හමුවෙයි (PHOTOs)

පුරාණ ප්‍රතිමා තුනක් කුමන රක්ෂිතයෙන් හමුව තිබෙනවා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාහ...

පුරාණ ප්‍රතිමා තුනක් කුමන රක්ෂිතයෙන් හමුව තිබෙනවා.

ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාහාචාර්යය රාජ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යා ගවේශන කණ්ඩායමක් විසින්.

නව සොයා ගැනීම වෙල්ලස්යේ මෙන්ම ශ්‍රී ලංකේය ඉතිහාසයේ තවත් පියවරක්.

ප්‍රතිමා සොයා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ මාහාචාර්යය රාජ් සෝමදේව මහතා...


" ... 'බුදු පටුන්ගල' නැමති ස්ථානයක විශාල ගල් පර්වතයක ශෛලමය ලෙස අයුරින් නෙලා ඇති, සිටි ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් හමුවුණා. 

ප්‍රතිමාවන් පිහිටා ඇත්තේ ඇතිමලේ ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහලවක් පමන දුරකින් කුමන රක්ෂිතයේ.

ප්‍රතිමාවන් ක්‍රිස්තු වර්ෂ  හත්වන සියවසට හෝ  අටවන සියවසට අයත්වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

වැල්ලවාය බුදුරුවාගල මීට සමාන ප්‍රතිමා සමග සසඳන විට බුදු පුටුන්ගල නැමති ස්ථානයේ ඇති මෙම ප්‍රතිමා රුහුණු ප්‍රදේශයටම ආවේණික සම්ප්‍රදායක් පෙන්නුම් කරනවා...."


මෙම ප්‍රතිමා අඩි හත සහ හය යන ප්‍රමාණවලින් යුක්ත වනවා.

ප්‍රතිමා දෙකක කොටස් කිහිපයක් කඩාබිඳ දමා විනාශකර තිබී ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාහාචාර්යය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ.

පුරාණ රුහුණු රාජධානියේ අගනුවර වූයේ මාගමයි.

තිස්සමහාරාමයේ සිට පොතුවිල් දක්වා වූ ප්‍රදේහයේත්, අම්පාර සිට සේරුනුවර දක්වාත් පුරාවිද්‍යාත්මක නටබුන්, රුහුණේ සමෘද්ධිය පෙන්නුම් කෙරෙන්නක්.

රුහුණේ ඉතිහාසය පිළිබදව නව අත් දැකීමකින් යුතුව සොයා බැලීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා පිළිබඳ  ජ්‍යෙෂ්ඨ මාහාචාර්යය රාජ සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයේ  ගවේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.

ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්  කණ්ඩායමක් ද සහභාගී වී සිටින අතර, මොණරාගල  'වෙල්ලස්යේ හඬ' සංවිධානය ද දායක වී තිබෙනවා.

(ජයන්ත වීරසේකර - වැල්ලවාය) 











 

Related

Hot 3301987106411986733
item