පියයුරු පිළිකා විනාශ කිරීමට මී මැසි 'විෂ' - අධ්‍යනයකින් හෙළිවෙයි

පියයුරු පිළිකා සෛල විනාශ කිරීම සඳහා මී මැසි විෂ යොදා ගත හැකි බවට පර්යේෂණ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ හැරී පර්කින්ස් වෛද්...



පියයුරු පිළිකා සෛල විනාශ කිරීම සඳහා මී මැසි විෂ යොදා ගත හැකි බවට පර්යේෂණ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතන විද්‍යාඥයන් කණ්ඩායමක් මේ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා.

එහි සඳහන් වන්නේ මී පැණි වලින් ඇතිකෙරෙන රසායනික තත්වයකින් පියයුරු පිළිකා සෛල විනාශ කෙරෙන බව ට සොයා ගත් බවයි.

එම සංයෝගය මෙලටින් (melittin) ලෙසයි දක්වන්නේ.

ප්‍රතිකාර කිරීමට අපහසු පිළිකා වර්ග දෙකක් (triple-negative, HER2-enriched) සම්බන්ධයෙන් පර්යේෂණ කර තිබෙනවා.

මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් විස්තර කර ඇත්තේ වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය බවයි.

පියයුරු පිළිකා යනු ලොව පුරා කාන්තාවන්ට බලපාන වඩාත් සුලභ පිළිකා තත්වයක්.

රසායනාගාර පසුබිමක පිළිකා සෛල සමඟ සටන් කළ හැකි රසායනික සංයෝග දහස් ගණනක් ඇති නමුත් විද්‍යාඥයන් පවසන්නේ මිනිසුන්ට ප්‍රතිකාර ලෙස නිපදවිය හැක්කේ එවන් ස්වල්පයක් බවයි.

මී පැණි සාරය 'අතිශයින් බලසම්පන්න' බවයි අධ්‍යයනය පර්යේෂකයන් අවධාරණය කළේ.

මී මැසි විෂ සාන්ද්‍රණයක් පැයක් ඇතුළත පිළිකා සෛල විනාශ කරන බවයි ඔවුන්ගේ වාර්තාවෙන් දක්වා ඇත්තේ.

Related

Tech 7718335687039303225
item