පොල් ඇමතිම පොල් කඩා දෙයි - ඡායාරූප සහිතයි

ශ්‍රී ලංකාවේ පොල් මිල ඉහල ගොස් ඇත්තේ ලෝක වෙළද පොලේ පොල් ආශ්‍රිත  නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහල යාම නිසා බව පොල්, තල් , කිතුල් වගා ප්‍රවර්ධන රා...


ශ්‍රී ලංකාවේ පොල් මිල ඉහල ගොස් ඇත්තේ ලෝක වෙළද පොලේ පොල් ආශ්‍රිත  නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහල යාම නිසා

බව පොල්, තල් , කිතුල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

අරුන්දික ප්‍රනාන්දු  අමාත්‍යවරයා  මේ බව කියා සිටියේ  දංකොටුවේ පිහිටි  සිය වත්තේ  පොල් ගසකට නැගී අතරතුරදියි. 

පොල් ගෙඩි කිහිපයක් කඩා දැමු ඇමතිවරයා ....

".........අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහල ගිහින්.

පොල් කඩන කම්කරුවෙකුටත්  රුපියල් සියයක් දිය යුතුයි.

පොල් කැඩීම හා රා නිෂ්පාදනය ට   කම්කරුවන් සොයා ගැනීමත් අපහසුයි....

... පොල් මිළ කෙතරම් ඉහල ගියත් පොල් රටින් ගෙන්වීමට කටයුතු කරන්නේ නෑ.

නගර බද  ජනතාවට පොල් සහන මිලට ලබා දීමට වැඩ පිළිවෙලක් සකස් කරනවා...."

ඇමතිවරයා පොල් ගසට නැග තිබුනේ   වරකාපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කරන ලද  යන්ත්‍රයක ආධාරයෙන්.


යන්ත්‍රය  ඉදිරි මාස කිහිපයේ දී රටට හඳුන්වා දීමට ක්‍රියා කරන බවද  රාජ්‍ය අමත්‍යවරයා සඳහන් කළා. 

යන්ත්‍රය ආධාරයෙන් වේගයෙන් පොල් ගසකට නැග ගත හැකි අතර මේ යන්ත්‍රය තල් හා කිතුල් ගස් වලට නැගීම සඳහා ද යොදා ගත හැකි බවයි එහි නිමැවුම්කරු සඳහන් කළේ.

(ප්‍රසාද් පූර්ණමාල්)






Related

Local 832294781544114637
item