දිවුලපිටියෙන් තවත් 190ක් - පොකුර 1022 දක්වා ඉහළ ට

  මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 190 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් සමස්ත කොරෝන...

 

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 190 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1022ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.



ඒ අනුව  මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 4,442 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 1,155ක්.

මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,274ක්.


වත්මන් ලෝක තත්වය 

 (2020-10-07 16.00 : මූලාශ්‍ර  – covid19.who.int / worldometers.info)

 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 

35,347,404

 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි. 

 මරණ  

1,039,406

 සුවය ලැබූ 

27,174,633
 ———————————————————————– 
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ 2020 ජනවාරි 27වනදායි. ඒ චීන ජාතික කාන්තාවක්. 

එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා. 

දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී. 

තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.

සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා. 

ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. 

හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා. 

වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි. 

ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා. 

රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා. 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.




Related

Local 7333583115651152831
item