සෝමසිරි ඔබ අමතයි (VIDEO)

පසුගිය දිනවල මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සෝමසිරි මැදගෙදර මහතා ගැන අසත්‍ය පුවතක් පැතිර ගියා. ඒ ගොසිප් සම්බන්ධයෙන් සෝමසිරි මැද...


පසුගිය දිනවල මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සෝමසිරි මැදගෙදර මහතා ගැන අසත්‍ය පුවතක් පැතිර ගියා.

ඒ ගොසිප් සම්බන්ධයෙන් සෝමසිරි මැදගෙදර මහතා සමාජ මාධ්‍ය ට  වීඩියෝවක් නිකුත් කළා.

තමා හොඳින් සිටින බවයි සෝමසිරි මැදගෙදර මහතා ඉන් රසියන්ට  දැනුම් දෙන්නේ.

"මේ තුලින් පවුලේ අය පවා විශාල මානසික අපහසුතාවකට පත්වවෙනවා. 

මට ආදරය කරන බොහෝ සහෘදයින් බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් දීලා මගෙන් විමසනවා. 

ඉතින් කියන්න තියෙන්නේ මම හොඳින් සුවය ලබමින් ඉන්නවා. සංගීත ප්‍රසංග වලටත් පුළුවන් විදියට සහභාගී වෙනවා.

ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙවැනි අසත්‍ය පුවත් පැතිරවීමෙන් වලකින ලෙසයි...."


සෝමසිරි මැදගෙදර කියන්නේ 80 දශකයේ දී ලංකාවේ යොවුන් ගී කණ්ඩායම නියෝජනය කළ බොහොම සංවේදී ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක්.

ඉතා ඉක්මනින් සුව වී යළිත් කලා කටයුතු ආරම්භ කරන්නට හැකි වේවා යැයි ඔහුට ප්‍රියැති රසිකයින් වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරනවා.








Related

Video 7249768158740042223
item