වසර 36ක් ඉල්ලුවත් ලැබුනේ නෑ - හම්බ වුණේ මේ සැරේ Dilantha Malagamuwa

  ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතාට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය...

 


ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතාට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමි වී තිබෙනවා. (වීඩියෝව පහතින්) ඩිලන්ත මාලගමුව මහතා වසර 36ක අත්දැකීම් ඇති තමන්ට මෙතෙක් ඉල්ලීම් කළ ද කිසිදු රජයකින් අනුග්‍රහයක් නොලැබුණු බවයි. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය සහිතව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන පළමු අවස්ථාව මෙයයි. ලෝක ශූර මෝටර් රථ ධාවකයෙකු වන ඩිලන්ත මාලගමුව මහතා මෙවර ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව නියෝජනය කිරීමට නියමිත අතර තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඔහු 26 දා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. අරලියගහ මන්දිරයේ දී හමුව සිදු වු අතර වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කරදුන් ඩිලන්ත මාලගමුව මහතාට මෙවර ද ශූරතාවය දිනා ගැනීම සඳහා අගමැතිවරයා සුබ පැතුම් එක්කළා. ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සැප්තැම්බර් මස 5 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ ප්‍රංශය යන රටව වලදි පැවැත්වීමට නියමිතයි. මේ අතර 27 උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වු ඒ මහතා පවසා සිටියේ, තමන්ට මෙවැනි අවස්ථාවක් හිමිකර දීම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනමන බවයි. ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රය ලැබීම පිළිබඳ විශේෂ සටහනක් තැබූ ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයටත්, එම කටයුතු සම්පාදනය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයටත් ස්තූතිය පළ කළා.


<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/i7EwiMx2A7o" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

https://www.facebook.com/sadisaa360/videos/346548309816229/


Related

Sports 6278633992212140021
item