නම නැද්ද ? එහෙනම් දාගන්න

  ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ජාතික හැඳුනුම්පතක් හිමි සැම පුද්ගලෙයකුම තම නම ඡන්ද...

 




ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් හිමි සැම පුද්ගලෙයකුම තම නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරි වෙතින් ලබා ගන්නා බී.සි ආකෘති පත්‍ර සම්පුර්ණ කල යුතුයි.

එම ආකෘති පත්‍ර නිවාස වෙත ලබා දෙනු ඇති.

මහ මැතිවරණය හේතුවෙන් මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු කල් දැමීමට සිදුව තිබුණා.

ඒ අනුව 2021 වර්ෂය සඳහා වන  ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු පෙබරවාරි මාසයේ දී සිදුකෙරෙනු ඇති.

පළාත් සභා මැතිවරණය ලබන පෙබරවාරි මාසයෙන් පසුව පැවැත්වුණ හොත් ඒ සඳහා  මෙම ඡන්ද හිමි නාමලේඛනය භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

Related

Top 7729639588695691238
item