කොවිඩ් ප්‍රතිකාරයක් ලෙස රුධිර ප්ලාස්මා භාවිතයට FDA අවසර දෙයි

කොවිඩ්-19  ප්‍රතිකාරයක් ලෙස වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ගෙන් ලබාගන්නා රුධිර ප්ලාස්මා භාවිතයට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින...


කොවිඩ්-19  ප්‍රතිකාරයක් ලෙස වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ගෙන් ලබාගන්නා රුධිර ප්ලාස්මා භාවිතයට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින් අවසරය නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය කියා සිටියේ කොවිඩ්-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී මෙය ඵලදායී විය හැකි බවයි.

එය තවත් මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වයන් ද්විත්වයක් එනම්  මර්ස් සහ සාර්ස් උණ තත්ත්වයන් සඳහා ද මීට පෙර සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබුණා.

එමෙන්ම ඉබෝලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ද මෙම ක්‍රමය භාවිත කළ බව FDA පෙන්වා දුන්නා.

Covid අවදානම ට  එම රුධිර ප්ලාස්මා බෙහෙවින් උපකරවනු ඇති බවයි එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය සඳහන් කළේ.

ඒ අනුව එක්සත් ජනපද වෛද්‍යවරුන්, රුධිර ප්ලාස්මා භාවිතයෙන් සිදුකරන ප්‍රතිකාර ක්‍රියාත්මක කරනවා.

මේවන විටත් එක්සත් ජනපදයේ 70,000කට වැඩි පිරිසකට මෙම ප්‍රතිකාරය සිදුකරමින්  පවතින බව සෞඛ්‍ය ලේකම් Alex Azar ප්‍රකාශ කරනවා.

වැඩිම කොරෝනා ආසාදිතයන් ඉහලම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ  ඇමෙරිකාවෙන්.

ආසාදිතයන් ගණන 5,874,146ක්.

මරණ 180,604ක්  වාර්තා වුණා.

පුද්ගලයන් 3,167,063ක් සුවය ලබා තිබෙනවා.


Related

Trending 145365627238045434
item