කම්කරු වන්දිය ලක්ෂ 20ක්

  වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කම්...

 


වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්පූර්ණයෙන්ම  අසරණ වන බැවින් රුපියල් ලක්ෂ 05ක වන්දි වෙනුවට එම වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බවයි  අමාත්‍යවරයා සඳහන් කළේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී  ඇමතිවරයා මේ බව කියා සිටියා.

වෘත්තීය සමිති නියෝජිතයින් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත්  කම්කරු උපදේශක සභාව නව ඇමතිවරයා සමඟ ප්‍රථමවරටයි  රැස්වූයේ.

මෙහිදී ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් ප්‍රකාශ කළේ, මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් යෝජනා කරන බවයි.

ඒ අනුව, මෙම නඩු සියල්ල කම්කරු විනිශ්චය සභාවලට යොමු කළ යුතු බව ඇමතිවරයා පැවසුවා.

දිග්ගැස්සෙන වන්දි නඩු මාස 02ක් තුළ අවසන් කළ හැකිවනු ඇතැයි ඇමතිවරයා පෙන්වා දුන්නා.

සේවා යෝජකයා ආරක්ෂා කර ගනිමින්  සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්  ඒ තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි  අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

දැනට පවතින්නේ පැරණි කම්කරු නීතියයි.

සේවකයාගේ හා සේව්‍යාගේ එකඟතාව මත කම්කරු සමිති නියෝජිතයන් විසින් කෙටුම්පත් කර ඇති නව අණපනත් පිළිබඳ සාධනීය පියවරක් කඩිනමින් ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළා.

මේ රටේ වැඩකරන පන්තිය වෙනුවෙන් විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍ර

මයක් හඳුන්වා දිය යුතු බවට ඇමතිවරයා කළ යෝජනාවට පැමිණි සිටි පෞද්ගලික අංශයේ නියෝජිතයින් එකඟ වූවා.

ඊට අමතරව පුද්ගලික අංශවලට ද ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට වෘත්තීය සමිති නියෝජිතයින් කළ යෝජනාවට ඇමතිවරයා එකඟතාව පළ කළා.

එම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා වැඩි කළ යුතු බවට වෘත්තීය සමිති නියෝජිතයින් කළ යෝජනාවට ඇමතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් තරුණ පරම්පරාවට යම් අසාධාරණයක් වනවා ද යන්න පිළිබඳ ගැඹුරින් සලකා බැලිය යුතු බවයි.

එසේම සේවක අර්ථ සාධක අරමුදලේ සේව්‍යාගේ කොටස 15 %ක් කළ යුතු බවට කළ යෝජනාවට පිළිතුරු දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ, රටේ ආර්ථිකය ද රැකගනිමින් කම්කරු අයිතිවාසිකම් සුරැකිය යුතු බවයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ද එක්ව සිටියා.

Related

Top 5418187538835170114

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item