දින 83කට පසු මෙරටින් 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට  12 වන කොරෝනා මරණයද වාර්තාවී තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවක්. පසුගිය 20 වනදා ඉ...


මෙරට  12 වන කොරෝනා මරණයද වාර්තාවී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 20 වනදා ඉන්දියාවේ සිට පැමිණ තිබූ ඇය කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවටයි  හඳුනාගෙන තිබුනේ.

අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී  මෙම කාන්තාව අද අලුයම  මධ්‍යම රාත්‍රියේ මියගොස් තිබෙනවා.

ඉරණවිල මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය  කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යවා ඇත්තේ ද  ඊයේ (22) රාත්‍රියේ දී.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසුවේ මෙම කාන්තාව පිළිකා රෝගයකින් මෙන්ම අධික රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන්ද පෙලූනු තැනැත්තියක බවයි.

ඇයට හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කර තිබුණා.

ඇය මිය යාමට හේතු වී ඇත්තේ හෘදයාබදයක් බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය  සුදත් සමරවීර මතතා තහවුරු කළා.


කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අවසන්වරට ශ්‍රී ලංකාවෙන් මරණයක් වාර්තා වී තිබුණේ මීට දින 83කට පෙර එනම්  ජුනි පලමුවන දා  පෙරවරුවේ දී.

ඒ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන සටහන් වූයේ  1633ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් ගණන 2947 දක්වා ඉහලගොස් තිබෙනවා.

ඉන් 138 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා ඇති සංඛ්‍යාව 2798ක්.

ආසාදිතයින් 06 දෙනෙකු ඊයේ (23) දිනයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඉන් දෙදෙනෙකු  කුවේට්යේ  සිට ද තවත් දෙදෙනෙකු ඉන්දියාවේ චෙන්නායි හි සිට ද පැමිණි තිබුණා.

අනෙක් දෙදෙනා පැමිණ තිබුනේ අමෙරිකාවෙන් සහ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන්.

Related

Local 5761483823980557732
item