අයිතිකාරයෝ සොයාගත නොහැකි ඡන්ද පත්‍රිකා හාරලක්ෂයක් ආපසු එයි

ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 4,50,000කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇති බව තැපැල්...




ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 4,50,000කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒවා නොලැබුණු ඡන්ද දායකයින්ට, අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට 99ක් පමණ බෙදාහැර අවසන්.

මේ අතර, පසලොස්වක පොහොය යෙදෙන අගෝස්තු 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොරෝනා තත්ත්වය සලකා සිය ප්‍රචාරක කටයුතු නිසිලෙස සිදුකරගෙන යෑමට නොහැකි වූ බැවින් 03 වැනිදා ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස පසුගියදා පැවති රැස්වීමකදී අදාළ ලේකම්වරුන් ඉල්ලා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ  ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවටයි.

Related

Local 5017047221293085687

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item