All-Island Final Result බහුතර බලය පොහොට්ටුවට 145යි - සමගි ජන බලවේගය 54යි - එ.ජා.ප.ය ට 1යි

2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ බහුතර බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටිනවා. මැතිවරණ  නිකුත්කළ අවසන් ප්‍රතිඵලයට අනුව ශ්‍රී ල...


2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ බහුතර බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටිනවා.

මැතිවරණ  නිකුත්කළ අවසන් ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 128ක්.

ඔවුනට ජාතික ලැයිස්තු ආසන 17ක්ද හිමිවුණා.

ඒ අනුව පොදුජන පෙරමුණ දිනාගෙන ඇති සමස්ත ආසන සංඛ්‍යාව 145ක්.

ජාතික ලැයිස්තු ආසන 7ක් ද සමගින් ආසන 54ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සමගින් දිනාගත් සමස්ත ආසන සංඛ්‍යාව 10ක්.

ජාතික ජලබලවේගය ආසන 3ක් හිමිකරගත්තා.

අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සහ  ට  ඊ.පී.ඩී.පී පක්ෂය ට ආසන දෙකක් හිමිව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනය බැගින් දිනා ගත්තා.

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසුම පැවැත්වුනේ  අගෝස්තු 5 වැනිදායි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණය වෙනුවෙන්  ඉදිරිපත් කළ 'සෞභාග්‍යයේ දැක්ම' නැවත වරක් ජනබලයෙන් බලාත්මක කරමින් මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විජයග්‍රහණයක් අත්කරදුන්   සියලු දෙනාට ජනාධිපතිවරයා ප්‍රණාමය පුද කර සිටිනවා.



Related

Top 6113488137312972524

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item