පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසමේ නිළධාරින් වනාතවිල්ලුව කරතිව් ආරබි විද්‍යාලය ට [PHOTOs]
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) වනාතවිල්ලුව කරතිව් ආරබි විද්‍යාලයේ නිරික්ෂණයට පැමිණ ති...
https://sadisaalk.blogspot.com/2020/07/Wanathawilluwa-Karativ-Arab-College.html
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) වනාතවිල්ලුව කරතිව් ආරබි විද්‍යාලයේ නිරික්ෂණයට පැමිණ තිබෙනවා.
කොමිසමේ නිළධාරින් කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කර පාසල් භුමිය ද නිරික්ෂණයට ලක් කළා.
මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ දරවන්ට පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දි ඇති බවටයි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හෙළි කර ගෙන ඇත්තේ.
ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ දරුවන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර් තුමේන්තුවට මීට පෙර ප්‍රකාශ ලබා දි තිබුණා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශණ පවත්වන කොමිසමේ නිළධාරින් ඒ අනුවයි මේ පිළිබඳ සොයා බැලිමට පැමිණ තිබුණේ.
(පුත්තලම - ප්‍රියංකර කළුපහන)