ආපදාවට පත් කෙන්යානු යාත්‍රාව නාවික හමුදාවෙන් සැතපුම් 170ක් ඇදගෙන එයි [PHOTOs]
දකුණු මුහුදේ දී ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාව ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. යා...
https://sadisaalk.blogspot.com/2020/07/Kenyan-flagged-vessel-in-distress-at-High-Seas.html
දකුණු මුහුදේ දී ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාව ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
යාත්‍රාවේ සියළු යන්ත්‍ර අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දින ගණනක් පාවෙමින් සිට තිබෙනවා.
කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ජූලි 21 වන දින ලැබුණු ආපදා සංඥාවකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 170ක (කිලෝමීටර 306ක්) දුරකින් ආපදාවට පත්වී මුහුදේ පාවෙමින් තිබූ එම යාත්‍රාව ඇදගෙන ඒම සඳහා නාවික හමුදාව කටයුතු කළා.
කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි HORAKHTY (IMO No. 8805298) යාත්‍රාව එහි කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 13ක් සමඟින් ජුනි 22 දකුණු කොරියාවේ බූසාන් වරායෙන් පිටත්වී තිබුණා.
ඒ කෙන්යාවේ මොම්බසා වරාය වෙත ගමන් කිරීමේ අරමුණෙන්.
කෙසේ වෙත්ත යාත්‍රාවේ සියළු යන්ත්‍ර සම්පූර්ණයෙන් අක්‍රීය තත්වයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල මෙහෙයුම් සිදු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවටයි.
මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුල ආපදාවට පත් වූ නෞකාවන් සහ යාත්‍රාවන් වෙතින් ලැබුණු ආපදා සංඥා ගණනාවකට ප්‍රතිචාර දක්වා තිබුණා.
1974 දී මුහුදේ ජීවිත සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතියට අත්සන් කරන ලද රාජ්‍යයක් වශයෙන් එවැනි අන්තර්ජාතික සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාවට ඇති එම ජාත්‍යන්තර වගකීම නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් සහතික කරනු ලබනවා.
නාවික හමුදාව පසුගිය වසර තුලදී පමණක් සිදු කළ සාගරික මුදවාගැනීමේ මෙහෙයුම් 41ක් මගින් මුහුදේදී ජීවිත 103ක් බේරා ගැනීමට සමත් වී ඇති අතර, මෙම වසරේ පසුගිය මාස 07 තුළ පමණක් මුහුදේදී ආපදාවට පත් වූ නෞකාවන් 34කට සහාය වී තිබෙනවා.