පැනගිය කොරෝනා ආසාදිතයා කොළඹට ගොස් ත්‍රිරෝදයකින් ජාතික රෝහල අසළට එයි [PHOTOs]

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගෙන තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහල අසළ සිටියදී. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල...



මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගෙන තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහල අසළ සිටියදී.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හමුදා කණ්ඩායමක් විසින් එම පුද්ගලයා මීට ටික වෙලාවකට පෙර සොයා ගත්  බවයි.

ත්‍රිකුණාමලය, වල්ලිමලර්, සින්නම්පිල්ලෙසිමෙයි ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් වන මෙම  පුද්ගලයා IDH රෝහලෙන් පලා ගොස් තිබුණේ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර රෝහලට ජූලි මස 9 වන දින රැගෙන ගොස් පසුව 15 වන දින අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ අයෙක්.


අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගිය රෝගියා  කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි විමර්ශනය කෙරෙනවා.

කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහල තෙක් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි  තීරණය කර ඇත්තේ.

අද (24) අලුයම 2ට පමණ ආසාදිතයා රෝහලෙන් පලාගොස් ඇති බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

ආසාදිතයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අයෙක්වන අතර අපරාධ කිහිපයක් සඳහා අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු ද වන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.





Related

Local 2284807282563670650

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item