සංගා රැක ගැනීමේ සංසදයෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක් (PHOTOs)
සංගා රැක ගැනීමේ සංසදය නමින් පිරිසක් අද (02) ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පස්වරු 2. 00 ට උද්ඝෝෂණයක් ආරම්භ කළා. සමගි තරුණ බලවේගය පැවසුවේ 20...
https://sadisaalk.blogspot.com/2020/07/Protest-staged-supporting-Sri-Lankan-cricketers.html
සංගා රැක ගැනීමේ සංසදය නමින් පිරිසක් අද (02) ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පස්වරු 2. 00 ට උද්ඝෝෂණයක් ආරම්භ කළා.
සමගි තරුණ බලවේගය පැවසුවේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේදී තරඟ පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳ විරෝධය පළ කරන බවයි.
මේ අතර ඒ.ජා.ප. හිටපු අමාත්‍ය අචාර්ය හර්ෂද සිල්වා මහතා ද මෙම උද්ඝෝෂණ අවස්ථාවට එක්ව සිටියා.
ඔහු පවසන්නේ .. " ... මම තදින්ම විරුද්දයි මේ හිරිහැරයට... " ලෙසයි.
I strongly oppose the harass. of r beloved cricket heroes, sch as @KumarSanga2 n Aravinda on flimsy n unsubstantiated allegations by #GoSL lackeys. If there is any wrngdong it shuld b inves bt dis is nt the way. Y is the govt silent n massive corrption charges agnst @OfficialSLC
MORE >>>
හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද පෙරවරු 9 ට පමණ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියා.
ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
මෙම සිද්ධියට අදාළව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද එම ඒකකය ප්‍රකාශයක් ලබා ගත්තා.
හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ද පසුගියදා එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.
( PHOTOs සමාජ මාධ්‍යයෙනි)