රිෂාඩ් බදියුදීන් CIDයට එයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක...



හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා.

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් විසින් 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් පිරිස 250ට අධිකයි.

තවත් පන්සීයකට ආසන්න පිරිසක් ඉන් තුවාල ලැබුවා.

ඒ සමග තවත් ප්‍රහාරකයන් සිටීදැයි සොයා රට පුරා ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහිදී අවි ආයුධ සහ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව 2019 ඔක්තෝබර් 23 වන දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු අතර වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 8ක් ඊට ඇතුළත්.

    ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ


    ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම


    ආගමික අන්තාවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව


    අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම : නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම


    වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව


    මාධ්‍ය වාර්තාකරණය, ව්‍යාජ පුවත් සහ අවධානය යොමුකළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර


    දේශපාලකයන්/ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම


    නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ

Related

Top 6212998443705968765

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item