811ක් රෝහලේ සිටියදී 811ක් නිවෙස්වලට යයි

කොවිඩ් 19 ආසාදිතව සුවය ලැබූ පුද්ගල සංඛ්‍යාව අද 811ක් බවට පත්ව තිබෙනවා. මේ අතර අද වන විට  කොවිඩ් 19 ආසාදිතව රෝගල් ගතව ප්‍රතිකාර ලබන පුද...


කොවිඩ් 19 ආසාදිතව සුවය ලැබූ පුද්ගල සංඛ්‍යාව අද 811ක් බවට පත්ව තිබෙනවා.

මේ අතර අද වන විට  කොවිඩ් 19 ආසාදිතව රෝගල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගල සංඛ්‍යාවත්  811ක් ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1633ක් දක්වා ඉහළ ගියා.

පසුගිය පැය විසි හතරක කාලයේදී රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ මුල්ලේරියාව මූලික රෝහලෙන්  සිව් දෙනෙක් ද ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් තිදෙනෙක් ද වැලිකන්ද මූලික රෝහල, නාවික හමුදා රෝහල සහ හෝමාගම මූලික රෝහලෙන්  එක් අයෙකු ද බැගින්.

මෙරට 11 වන කොරෝනා මරණය ද අද (01) වාර්තා වූවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුවේටයේ සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවයි.

එසේම   පුද්ගලයන් 65 දෙනෙක් කොරෝනා රෝගීන් ලෙස සැක සහිතව රෝහල්ගව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
--------------------------------------------------------------------------------------------------------------------------
වත්මන් ලෝක තත්වය –

(2020-06-01 16.43 : මූලාශ්‍රය – worldometers.info)

 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන්
6,290,758
 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි.

 මරණ  374,335
 සුවය ලැබූ 2,862,119

———————————————————————–

මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි.
ඒ චීන ජාතික කාන්තාවක්.
එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා.
දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී.
තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.
සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා.
ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.
වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි.
ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා.
රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය
වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.


Related

Top 3029066687696253950

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item