දිනකදී හමුවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වෙයි - ඉන් 127ක්ම කුවේටයෙන් පැමිණි පිරිසක්

එක් දිනක් තුළ මෙරටින් හඳුනාගත් වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (26) දිනයේ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත...



එක් දිනක් තුළ මෙරටින් හඳුනාගත් වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (26) දිනයේ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත එකතුව 1319ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 137ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. 

ඉන් ආසාදිතයින් 127 දෙනෙක් කුවේටයේ සිට පැමිණ මින්නේරිය හා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථාන්හි නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිස අතරින් හඳුනා ගැනුණු බවද එම ඒකකය පවසනවා.

සෙසු දස දෙනා නාවික හමුදා සාමාජිකයන්.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 597ක්.

එසේම කොරෝනා ආසාදිතව රෝහල්ගත පිරිසෙන් 712 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

රෝගීන් දස දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී ජීවිතක්ෂයට පත්වූවා.

තවත් පුද්ගලයන් 76 දෙනෙකු කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

Related

Top 4227443747681472043
item