මහපිටිය ට පැමිණි උනහපුලු පැටවා (PHOTOs)

නවගත්තේගම මහපිටිය ප්‍රදේශයේ  ඉඩමකට උනහපුලු පැටවෙකු පැමින තිබෙනවා. අමුතු ආකාරයේ  තීවූර නාදයක් ඇසී ඉඩම් හිමියා ඒ පිළිබඳ  විපරම් කර  බැ...



නවගත්තේගම මහපිටිය ප්‍රදේශයේ  ඉඩමකට උනහපුලු පැටවෙකු පැමින තිබෙනවා.

අමුතු ආකාරයේ  තීවූර නාදයක් ඇසී ඉඩම් හිමියා ඒ පිළිබඳ  විපරම් කර  බැලීමේදී පැටවා දැක තිබුණා.

ඒ අනුව ඉඩම් හිමියා විසින් නවගත්තේගම වන ජීවි කාර්යාලයට ඒ බව දන්වා තිබෙනවා.

මාස හයක් පමණ වන මෙම උනහපුලු පැටවා තම  මවගෙන් වෙන්ව ඉඩමට පැමිණ ඇති බවටයි  වන  ජීවි නිළධාරින් සැක පල කරන්නේ.

ඒ අනුව උනහපුලු පටවා නිකවැරටිය  වන ජීවි පශු  වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන  ගියා.


පසුව නවගත්තේගම  වනජීවි අඩවි ආරක්ෂක නිළධාරි  නවරත්න බණ්ඩාර ඇතුළු නිළධාරින් විසින්  නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලය වෙත පටවා භාර  දීමට කටයුතු කළා.

(කේ.ප්‍රියංකර කළුපහන -පුත්තලම )




Related

Top 8023587810726864588
item