ඇමති තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ උප නායක මරදපාන්දඩි ර...
https://sadisaalk.blogspot.com/2020/05/Thondaman-passed-away.html
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප නායක මරදපාන්දඩි රමේශ්වරන් මහතා පැවසුවේ අමාත්‍යවරයා නිවසේ දී ඇඳ වැටීමකට ලක්ව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි.
මියයනවිට 55වන වියේ පසු වූ ඒ මහතාගේ ක් වූ 56 වන උපන්දිනය මැයි 29 දාට යෙදී තිබුණා.
සෞම්‍ය මූර්ති අරුමුගන් රාමනාදන් තොන්ඩමන් මහතා උපත ලබා ඇත්තේ 1964 මැයි 29 වන දිනයි.
අරුමුගන් තොන්ඩමන් ලෙස නම භාවිත කළ ඔහු නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1999 සිට කටයුතු කළා.
රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය සමිති නායක සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ මුනුබුරායි.
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ අරුමුගන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු සම්මේලනයේ නායකයා වනවා.
ඔහු ශ්‍රී ලංකාවේ ඉන්දියානු ද්‍රවිඩයන් වෙනුවෙන් ද පෙනී සිටින අයෙක්.
වරින්වර එජාපයේ හා ශ්‍රීලනිපය සම්බන්ධ සන්ධාන රජයන්ට සහාය පළ ක ඔහු පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දුන්නා.
ඔහු ඒ අනුව ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍යධුරයේ කටයුතු කළා.