තවත් පුද්ගලයින් 06 දෙනෙකු පිටව යයි (PHOTOs)

කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු  සාර්ථකව  නිරෝධායන කටයුතු අවසන් කර...


කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.


මෙලෙස නිරෝධානයනය අවසන් කල පිරිසට නාවික හමුදා සාමාජිකයෙකුගේ පුවුලේ සාමාජිකයින් 05 දෙනෙකුද අයත් වන අතර, මෙම පිරිස නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.

 

මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.







Related

Top 6464330672542516476

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item