ආසාදිතයන් 3012ක් වෙයි

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 3012 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  නව ආසාදිතයන් 17ක් ඊයේ සොයා ගැනුණු බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.  ඉන් 12...


මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 3012 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

නව ආසාදිතයන් 17ක් ඊයේ සොයා ගැනුණු බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. 
ඉන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර තවත්  තිදෙනෙකු  මාලදිවයිනේ සිට පැමිණ තිබුණා.

ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙකු ද  ආසාදිතයින් අතරට අයත්.  


කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ආසාදිතයින් 140 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම පිරිස රටවල් 101ක විසිර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 63ක්.

මේ අතර කටාර් හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 398 දෙනෙකු   අද (31) අලුයම දිවයිනට පැමිණියා.

ඒ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

කටුනායක ගුවන්තොටුපෙල වෙත පැමිණි එම පිරිසි පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළා.

ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද පුද්ගලයින් 73ක් නිරෝධායනය අවසන් කර පිටව යෑමට නියමිතයි.

මේ වනවිටත්  පුද්ගලයින් 35,097ක් නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 67ක පුද්ගලයින් 6,901ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

පීසීආර් පරීක්ෂණ 1,610ක් ඊයේ සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 223,982ක්.






 වත්මන් ලෝක තත්වය 
 (2020-08-31 06.40 : මූලාශ්‍රය – worldometers.info)

 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 25,381,866 
 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි. 
 මරණ 850,488 
 සුවය ලැබූ 17,704,469 ———————————————————————– 
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි. ඒ චීන ජාතික කාන්තාවක්. 

එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා. 

දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී. 

තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.

සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා. 

ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. 

හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා. 

වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි. 

ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා. 

රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා. 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.

Related

Local 8085847935024509379
item