එජාපයෙන් නෙරපූ සාමාජික ලැයිස්තුව මෙන්න - සජිත් ගැනත් තීරණයක් ?
කෘත්‍යාධීකාරි මණ්ඩල තීරණයකට අනුව පක්ෂයෙන් ඉවත් කළ 115 දෙනාගේ නම් අද මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂයෙන් ඉව...
https://sadisaalk.blogspot.com/2020/07/unp-sjb.html
කෘත්‍යාධීකාරි මණ්ඩල තීරණයකට අනුව පක්ෂයෙන් ඉවත් කළ 115 දෙනාගේ නම් අද මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පක්ෂයෙන් ඉවත් කළ අයට ඒ බව දැනුම් දෙන ලිපි අද තැපෑල වෙත යොමු කරනු ඇති.
මෙලෙස ඉවත් කළ පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, සිඞ්නි ජයරත්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සුජිව සේනසිංහ, රන්ජන් රාමනායක, තුෂාර ඉඳුනිල් අමරසේන, නලින් බණ්ඩාර ජයමහ, අශෝක් අබේසිංහ සහ වඩිවේල් සුරේෂ් යන අය ඇතුළත්.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ජෝර්ජ් පෙරේරා, නිරෝෂන් පාදුක්ක, ලෙනාඩ් කරුණාරත්න සහ රෝස් ප්‍රනාන්දු ද පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ පිරිස අතර වනවා.
නගරාධිපතිවරුන් තිදෙනෙකුගේද පක්ෂ සාමාජිකත්වය අහිමි කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබු සාමාජිකයින් අතුරින් සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් 53 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ද පසුගිය 28 වන දා රැස්වු කෘත්‍යාධිකාරි මණ්ඩය තීරණය කළ අතර එම නම් ලැයිස්තුව පහතින් ...