නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපල් කාර්යාලයෙන් ගන්න

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් අද සිට ඒවා ලබාගත හැකිවනවා. අ...




පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයන්ට අදාළ තැපැල් කාර්යාලයෙන් අද සිට ඒවා ලබාගත හැකිවනවා.

අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ දිනයෙන් අවසන් කෙරුණා.

මේ අතර, මැතිවරණ නීති රීතිවලට පටහැනිව කටයුතු කරන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මේ වන විට පුද්ගලයින් 317 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

Related

Top 7878706694135414878
item