මීගමුව බන්ධනාගාර ජේලර් දෙදෙනා අධිකරණයට භාරවෙයි

වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර සහ දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න යන අය මීගමුව මහෙස්ත්‍රාත් අධිකර...



වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර සහ දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න යන අය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබෙනවා.

ඒ සිය නීතීඥවරුන් මාර්ගයෙන්.

බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවට වන චෝදනා මතයි  මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් වන උපාලි සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 22 වන දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළේ.

ඒ අනුව හිටපු ජේලර් කාලිංග කළුඅග්ගල පසුගිය 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Related

Top 1553325025955124245

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item