පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් [PHOTOs]
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ...
https://sadisaalk.blogspot.com/2020/07/An-Advisory-Committee-on-the-Protection-of-Archaeological-Heritage.html
පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කළා.
පත්වීම් ලිපි අද (29) ප්‍රදානය කෙරුණේ අරලියගහ මන්දිරයේ දී.
පුරාවස්තු සංශෝධන පනතේ බලතල ප්‍රකාරව බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදේශක කමිටුව පත් කර තිබෙනවා.
පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබාගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථානීය නිරීක්ෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම මෙම උපදේශක කමිටුව මඟින් අපේක්ෂා කෙරෙයි.
උපදේශක කමිටුව
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමි
අනුරාධපුරය රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි
පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නා හිමි
අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන නා හිමි
සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල
පුරාවිද්‍යා මහාචාර්ය ටීගජීගකුලතුංග
ආචාර්ය ගාමිණී විජේසූරිය
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා
විද්‍යාජෝති ඉංජිනේරු ගැමුණු සිල්වා
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග
වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව
ඩබ්. එම්. එස්. වීරසේකර
සිරිනිමල් ලද්දුසිංහ
මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර
----------------
පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහත්වරුන් ද සහභාගී වූවා.