හොරෙන් ගෙනා කහ කිලෝ දහසක් මන්නාරම වෙරළේ දී අල්ලයි [PHOTOs]

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලු‍තුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අ...



නීති විරෝධීව මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලු‍තුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මුහුදු මාර්ගයෙන් කොරෝනා ආසාදිතයන් මෙරටට සංක්‍රමණය වීම ඇතුලු‍ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරන මුර සංචාරයකදීයි.

උතුරුමැද නාවික විධානය විසින් පසුගිය 28වන දා, මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී කිසියම් ද්‍රව්‍යයක් සැක සහිත ලෙස අසුරන ලද ගෝනි කිහිපයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම ගෝනි උර තුල අසුරන ලද වියලි කහ තොගයක් සොයා ගෙන තිබුණා.

කිලෝ 999 ග්‍රෑම් 500ක බරින් යුත්  වියලි කහ තොගය මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට රැගෙන විත් ඇති බවට අණාවරණය වූ බැවින් එම වියලි කහ තොගය සහ සැකකරු නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

කහ තොගය සමග සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇති අතර සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් මන්නාරම මහනෙ සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදී තිබෙනවා.




Related

Top 6628710624638870817

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item