අප්‍රිකානු කලාපයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කටම මැලේරියාව

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු  මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල රැ...



අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු  මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බව මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කළා.

එහි  අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට සහ මීගමුව වයිකාල් ප්‍රදේශයේ නිරෝධායන මධයස්ථානයක සිටි පුද්ගලයින් තිදෙනෙකුට මැලේරියාව ආසාදනය වී ඇති බවයි.

විදේශයක පැමිණි පිරිස් අතුරෙන් එකවර වැඩි පිරිසක ට  මැලේරියා අසාදනය වී ඇති බවට හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැලේරියා අවදානම් රටවල සිට පැමිණෙන සියලු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට අමතරව මැලේරියා පරීක්ෂණයකට ද  ලක් කිරිමට ද තීරණය කර තිබෙනවා.

ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන අවට මැලේරියා මදුරුවන් මර්දනය සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකයි.

2012 සිට ශ්‍රී ලංකාවේ  කිසිදු පුද්ගලයෙකුට මැලේරියා අසාදිත බවට වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

2019 වසරේ පමණක් විදෙස්ගතව සිට  පැමිණි  53 දෙනෙකුට මැලේරියාව ආසාදනය වී තිබුණා.


Related

Top 4130004973134272615

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item