නවක වේග පන්දු යවන්නා හෙරොයින් සමග අල්ලයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑතකදී නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 25 හැවිරිදි ...




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑතකදී නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි ඔහු  කුලියාපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබා ගෙන සිටියදී.

සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයා සිය මංගල ජාත්‍යන්තර තරගයේ දී විශිෂ්ඨ දස්කම් දැක්වීමට ද සමත් වූ ක්‍රීඩකයෙක් බව සඳහන්.

මෙම ක්‍රීඩකයා ෂෙහාන් මධුශංක බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

hindustantimes.com

Related

Top 7696127876996462496
item