Covid-19: ආසාදිතයින් 1094යි - සුවය ලැබූ ගණන 674ක් දක්වා ඉහළට
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,094ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය කියා ස...
https://sadisaalk.blogspot.com/2020/05/covid-19-1094-674.html
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,094ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ ඊයේ (23) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත නව රෝගීන් සංඛ්‍යාව 21ක්.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මේ වන විටත් රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 407ක් වනවා.
එසේම ඊයේ දිනයේ දී රෝගීන් 40ක්, සහ අද දිනයේ දී මේ වන විට 14 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම තවත් පුද්ගලයන් 97 දෙනෙක් කොරෝනා වෛරස රෝග රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී පුද්ගලයන් 9දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
වත්මන් ලෝක තත්වය –
(2020-05-24 16.10 : මූලාශ්‍රය – worldometers.info)
පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන්
5,426,481
රටවල් 213ක රෝගය ව්‍යාප්තයි.
මරණ
344,408
සුවය ලැබූ
2,259,044
———————————
කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28,15,429ක් වන අතර ඉන් ආසාදිතයින් 53,567 දෙනෙක් අසාද්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වනවා.මේ අතර ලොව තනි රටකින් වාර්තා වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වනවා.
ඒ අනුව අමෙරිකාවෙන් මේ වන විට ආසාදිතයින් 16,66,828ක් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 4,45,914 දෙනෙක් සුවය ලබා ඇති අතර මරණයට පත්ව ඇති සංඛ්‍යාව 98683ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිතයින් දෙවනුවට වැඩිම රට ලෙස මේ වන විට බ්‍රසීලය ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 3,49,113ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 22,165 දෙනෙක් මරණයට පත්ව ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 1,42,587ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත ආසාදිතයින් 335882ක් වාර්තා වන රුසියාව තෙවන ස්ථානයේ පසුවන අතර ඉන් 1,07,936 දෙනෙක් සුවය ලබා ඇති අතර 3,388 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිව්වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,82,370ක් වන අතර ඉන් 28,678 දෙනෙක් මරණයට පත්ව 1,96,958 දෙනෙක් සුවය ලබා තිබෙනවා.
ආසාදිතයින් සංඛ්‍යාව සැලකිමේදී පස්වන ස්ථානයේ පසුවන එක්සත් රාජධානිය මරණ සංඛ්‍යාව සැලකීමේදී දෙවන ස්ථානයේ පසුවනවා.
ඒ අනුව එක්සත් රාජධානියනේ ආසාධිතයින් 2,57,154ක් වාර්තා වන අතර ඉන් 36,675ක් සුවය ලබා තිබෙනවා. කෙසේ වෙතත් එරටින් මෙතෙක් සුව වූ රෝගීන් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ලැබෙන්නේ නැත.
අසල්වාසී ඉන්දියාව මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව සැලකීමේදී 11 වන ස්ථානයට පත්ව සිටිනවා.
ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට ආසාදිතයින් 1,31,920 දෙනෙක් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 54,441 දෙනෙක් සුවය ලබා ඇති අතර මියගිය සංඛ්‍යාව 3,869ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
--------------------------------------------------------------------------------------------------------------------------
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි.
ඒ චීන ජාතික කාන්තාවක්.
එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා.
දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී.
තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.
සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා.
ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.
වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි.
ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා.
රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය
වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.